2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් හෝ භූ දේශපාලන න්‍යාය පත්‍රය වෙත යොමු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ වත්මන් රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් පවතින බවයි.
තවද එම පරීක්ෂණවල වර්ථමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේ ද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේ ද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු සඳහන් කරනවා.
ඒ මහතා කියා සිටින්නේ සාධාරණ විනිවිදිභාවයෙන් යුතු සහ පක්ෂපාති නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත් එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා දැඩි සහායක් දක්වන බවත්ය.