විදුලි වෘත්තීය සමිති ආරම්භ කල වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවයි.
මෙහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බවද කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය 9 වනදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් වාර්තා වුණා.
මේ හේතුවෙන් එම සේවා නඩත්තු කටයුතු සඳහා ද බාධා එල්ල වුණා.