ලාෆ් ගෑස් මිලත් ඉහළට

PranaNews.lk

ලාෆ් ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

මේ අනුව රුපියල් 4330කට පැවැති කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බව සඳහන්.

මෙම මිල සංශෝධනය අනුව නව මිල රුපියල් 4630කි.

තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1742ක්ව පැවැති එහි නව මිල රුපියල් 1862කි.