එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබෙනවා.
ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වන 'IRNA' වාර්තා කරන පරිදි, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත සහ භාරකාර නිලධාරියා විසින් පිළිගෙන ඇති බව සඳහන්.
නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා අගනුවර වෙත ද ගොස් ඇති විදේශ අමාත්‍යවරයා, එහිදී කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපයේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.