පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනියුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලි පාර්ශ්වයෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.
පසුගිය අගෝස්තු මස 24 වනදා මෙම නඩුවේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණු අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊට අදාළ අවසාන තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර නිවේදනය කළේ.