හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරය තුළදී පහරදීලා - තුවාල ලැබූ පද්මේ වැලිකඩ රෝහලට

PranaNews.lk

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සහ මන්දිනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' අතර බන්ධනාගාරය තුළදී හදිසි ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා ප්‍රථමයෙන් ප්‍රතිකාර සඳහා වැලිසර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම දෙදෙනා අතර බන්ධනාගාරය තුළදී හටගත් ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.