පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධ්ය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.
2020 වසරේ ඔක්තෝබර් 20 වනදා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කෙරුණා.
ඒ මධුෂ් විසින් ලබාදුන් ඔත්තුවකට අනුව මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදීයි.
මේ අනුව අදාළ ඝාතනය සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබුණා.
පසුව ඒ සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා.
අනතුරුව ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරීයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා මාධ්‍ය ආයතනවලින් අදාළ ඝාතනය සම්බන්ධ දර්ශන ලබා ගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බවද පොලීසිය පවසනවා.