මේ ඉල්ලීම් දෙන්න ගියොත් 100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි

PranaNews.lk

විදුලිබල වෘත්තීය සමාගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම්වලින් 62ක් සඳහා එකඟ වූ බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අනෙක් කරුණු දෙක සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවද එම සභාපතිවරයා කියා සිටියා.

ඔහු පෙන්වා දෙන්නේ එම කරුණු 64න් බහුතරයක් විදුලිබල මණ්ඩලය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන බවත් ඉන් 59ක්ම මුල් සාකච්ඡාවේ දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදීමට එකඟ වූ බවත්ය.

මේ අනුව අනෙක් කාරණා 5ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධව අමාත්‍යවරයා සමඟ සකාච්ඡා කර තීරණයක් ලබාදෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම් දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

"සෙසු කාරණා පහක් තවමත් ඉතිරිව ඇති අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අවසාන තීරණයක් ලබා දෙන බව අදාළ වෘත්තීය සමිතිවලට දැනුම් දුන් බවයි.

එමෙන්ම වෘත්තීය සමිති විසින් ලංකා විදුලිබල මණ්ඩලය ගෙවන ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලා ඇති බවත්, කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු ඒ සඳහා එකඟතාව පළකළා.

වැටුපට දීමනා ලෙස රුපියල් 11,000ක් සහ ජීවන වියදම් දීමනාව එකතු කර සාමාන්‍යයෙන් රුපියල් 17,000ක පමණ මුදලක් ලබා දීමට කටයුතු කරා."

අමාත්‍යවරයාගේ මට්ටමින් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟතාව ලබාදී ඇති ඔහු පවසනවා.

සභාපතිවරයා සඳහන් කරන්නේ සේවකයන් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලන බවත් එම ඉල්ලීම් සියල්ල එකතු කරන බලන විට විදුලිබිල 100%කින් වැඩි කිරීමට සිදුවන තත්ත්වයක් ඇති බවත්ය.

මේ අනුව 40%ක වැටුප් වැඩි කිරීමක් මාසිකව බිලියන 1.8ක වියදමක් ලෙස වැඩි වන බව ඒ මහතා පෙන්වා දෙනවා.

සභාපතිවරයා පවසන්නේ එය වාර්ෂිකව බිලියන 22ක් වන බවත් 2025 දෙසැම්බර් 31 වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බවත්ය.

මේ හේතුවෙන් එම ඉල්ලීම් සම්පුර්ණයෙන් ඉටු කිරීමට නම් විදුලි බිල 100%කින් වැඩි කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කළා.