එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආසන්න මුහුදේ තිබූ බහාලුම් රැගත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.
මේ වන විට ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකරන ප්‍රහාර හමුවේ ඉරානයේ ස්ථාන 10000කට ආසන්න ගණනකට බෝම්බ හෙළා ඇති බව වාර්තා වනවා.
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන් සිවිල් වැසියන් 1300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර ඉරානය ගත වූ පැය කිහිපය තුළ බහරේනය, ඉරාකය, කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබෙනවා.