බදුල්ල මහ නගර සභාවේ ජාජබ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි

PranaNews.lk

බදුල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කළ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

වාර්තා වන්නේ, පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක මහතා පත්කර තිබෙනවා.

ඔහු ඊයේ (13) ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ නාගරික මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.