පැය 48ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ ඇති සියලු බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ අනතුරු ඇඟවීමට ඉරානය සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බව ඉරාන රජය ප්‍රකාශ කර ඇති බවයි.
මේ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා ඇති පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයක්.
දකුණු දිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරය වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඊශ්‍රායලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර් 13ක පමණ දුරින් මෙම මිසයිල ප්‍රහාර පතිත වී ඇති බව සඳහන්.