විපක්ෂෙට මඩ නොගහා මිත්‍ර රටකින් තෙල් ගන්න බලන්න - නාමල් රාජපක්ෂ

PranaNews.lk

වර්ථමානයේ ආණ්ඩුව ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොල මිලටත් වඩා ඩොලර් 45ක් වැඩි මුදලකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුව කලින් කිව්වේ මිත්‍රශීලි රටවල් සාකච්ඡා කර අඩුවට තෙල් ගන්න හැකියාව තිබෙන බවයි.

එවැනි මිත්‍ර රටක් තිබේ නම් සාකච්ඡා කර තෙල් ලබා ගැනීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ ආණ්ඩුව මේ මොහොතේ විපක්ෂයට මඩ ගැහුවා කියා ජනතා ප්‍රශ්න විසඳන්නේ නොමැති බවයි.