පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේ දී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියර ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් අද (22) දින බස් රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස් රථ හිමියන් තමන්ට දැනුම් දුන් බවද ඔහු පෙන්වා දෙනවා.
වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස් රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර බස් ගාස්තු සංශෝධනයක් අද (22) දින සිදු කිරීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මීට අදාළ ගණනය කිරීමේ මේ වන විට සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මීට ඉහත අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුනේ නැහැ.