එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඇන්ඩි බර්නම් මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබ පැතුම් පළ කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ඉදිරියටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, දෙරට මුහුණදෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගනිමින්, දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබෙනවා.
ඇන්ඩි බර්නම් මහතා ඊයේ (20) එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අතර, පසුගිය දශකය තුළ එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ හත්වැනි පුද්ගලයා ලෙසද වාර්තා අතරට එක්වුණා.