ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) නගරාන්තර සහ දුරගමන් සේවා ශක්තිමත් කිරීම සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ආසන 49ත් 54ත් අතර ධාරිතාවකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක ප්‍රතිපාදන වෙන් කර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත්, 2025 සහ 2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වාදීමත් සමඟ නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ බස් රථ වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් මිලදී ගැනීම වෙනුවට, වඩාත් සුවපහසු සහ නව ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව රජය සඳහන් කළා.