සුරේෂ් සලේගේ පෙත්සම 17 දා යළි කැඳවයි

PranaNews.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සම වැඩිදුර සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ වැඩිදුර කරුණු දැක්වීම් සිදු කළා.

ඒ අනුව, පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා යළි සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළා.