BREAKING - සියලුම වර්ගවල ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

PranaNews.lk

 

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව සියලුම වර්ගයේ ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්,

Ceylon Petroleum Corporation විසින් අද (2026 මාර්තු 09) නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. නව මිල ගණන් අද (09) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වේ.

එම සංශෝධනය අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල රුපියල් 13 සිට රුපියල් 25 දක්වා ඉහළ දමා තිබේ.

නව ඉන්ධන මිල ගණන් මෙසේය:

ලංකා සුපර් ඩීසල් – රු. 303.00 (රු.22 කින් වැඩි කර ඇත)

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (Euro 4) – රු. 353.00 (රු.24 කින් වැඩි කර ඇත)

ලංකා ඔටෝ ඩීසල් – රු. 195.00 (රු.13 කින් වැඩි කර ඇත)

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් – රු. 365.00 (රු.25 කින් වැඩි කර ඇත)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් – රු. 317.00 (රු.24 කින් වැඩි කර ඇත)

මෙම සංශෝධනය ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.