2024 අංක 36 දරන විදුලිබල පනත මඟින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් සිදුකරන ලද විදුලි බෙදා හැරීමේ කාර්යයන්හි වගකීම වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා තිබෙනවා.
ඒ අනුව විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ ක්‍රියාත්මක කිරීමට මෙම සමාගම වෙත බලය පවරා ඇති බව සඳහන්.
මෙමඟින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරනු ඇති බව වාර්තා වනවා.