Work From Home වැඩ ක්‍රමය නැවතත් කරලියට?

PranaNews.lk

පවතින බලශක්ති අර්බුදයට පිළිමයක් ලෙස රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙලක් (Work From Home) ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ලංකාදීප පුවත්පත විසින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධ විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

බලශක්ති අර්බුද මතුවන අවස්ථාවල ලෝකයේ බොහෝ රටවල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

කොවිඩ් කාල සීමාවේ දී ද නිවසේ සිට කාර්යාල සේවා කටයුතු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා.

මැදපෙරදිග අර්බුද සමඟ බලශක්ති පිළිබඳව අර්බුදයක් මතුවීම හේතුවෙන් මෙරට ඉන්ධන ගාස්තුව පසුගියදා වැඩි කිරීමට කටයුතු කළා.

ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ තෙල් සැපයුම්වලට අවහිරතා තවදුරටත් මතු වන්නේ නම් ඉන්ධන ගාස්තු නැවතත් වැඩි කිරීමට සිදුවනු ඇති බවයි.

මේ අතර බලශක්ති කළමනාකරණය කරගැනීමට විසඳුමක් ලෙස ඉන්ධන ලබා ගැනීමට QR භාවිත කිරීමේ ක්‍රමවේදය ද අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අවධානය යොමු වුණා.