22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ - ITAK

PranaNews.lk

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි පක්ෂය අවධාරණය කරනවා.

පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට කෙලින්ම සම්බන්ධ වන්නක් බැවින් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.