මෙරට මුහුදු සීමාවට ආසන්නයේ තිබූ ඉරාන යුද නෞකාවට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව මීට පෙර ශ්‍රී ලංකාව දැනුවත් කර නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළා.
ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ විසින් කිසිඳු දැනුම් දීමකින් මෙරට සිදු නොකළ බවද ඔහු පැවසුවා.
ඒ මහතා කියා සිටියේ යම් රටවල් දෙකක් අතර පවතින යුදමය තත්ත්වය මත යම් රටක් විසින් තවත් රටකට ප්‍රහාරයක් එල්ල කරනවා නම් එම ප්‍රහාරයට පෙර තවත් තුන්වැනි රටකට දැනුම් දීමක් සිදු නොකරන බවත් එය එසේ කරයි ද යන්න තමන් නොසිතන බවත්ය.
"රටවල් දෙකක් යුද්ධ කරද්දි එක රටක් අනික් රටට ගහනවායි කියලා තව තුන්වැනි රටකට කියයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා එහෙම කියලා තිබුනේ නෑ. මම දන්නේ නැහැ නාවික හමුදාවට නිශ්චිත තොරතුරු ලැබුණේ කොහොමද කියලා. නමුත් ඒ කලාපයේ මෘත දේහ ප්‍රමාණයක් සහ යම් ජීවිතාරක්ෂක ජැකට් කිහිපයක් පාවෙනවා කියන තොරතුර මත තමයි අපේ මැරිටයිම් සෙන්ටර් එකට පණිවිඩය ලැබිලා තිබුණේ."