නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
නායයෑම් හේතුවෙන් හෝ නායයෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල සිටින පවුල් හඳුනාගෙන ඔවුන් වෙනත් ආරක්‍ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති.
මේ අනුව ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ එම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මුල්‍ය සහාය ලබාදීමට නියමිතයි.
මෙතෙක් එම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරිම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6ක මුදලක් ලබාදෙන අතර එය රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධනය සිදුකර ඇති බව සඳහන්.
ආපදා නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදලේ වෙනසක් සිදුවෙයි
PranaNews.lk