මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ වීසා දින 14ක් දීර්ඝ කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් පසුගිය 28 වනදා දින සිට අවලංගු වූ ගුවන් ගමන් හේතුවෙන් මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින්හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට ඔවුන්ට පිටත් වීමට නොහැකි වුණා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එවැනි මඟීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තුරු ශ්‍රී ලංකාව තුළ නිත්‍යානුලීලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පසුගිය 28 වනදා සිට මැදපෙරදිග බලා පිටත්වන ගුවන් ගමන් අවලංගු වූ විදෙස් ජාතිකයින් හට දින 14ක් කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දික් කිරීමට තීරණය වුණා.
තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගු කිරීම් පවතින නම් ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් 14ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.