පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අද සිට 5%කින් ඉහළට

PranaNews.lk

ඉන්ධන මිල ඉහළ යාම සමඟ පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පවසන්නේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුවද රටේ පැවැති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවයි.

නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බවද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අදාළ ගාස්තු සංශෝධනය අද (10) සිට ක්‍රියාත්මක වන බවයි.

''නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්.. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට.. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා... රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ යෑම ‍ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපිට දැඩි ලෙස දැනෙනවා... අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා.. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණය ගත්තේ''