මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කරන ලෙසයි.
මේ අනුව සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද එම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බැවින් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන්හි අනෙක් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොව පුර අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.