දුමින්දගේ රන් ආලේපිත ගිනි අවි සිද්ධිය ආයෙත් පත්තු වෙයි

PranaNews.lk

රන් ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නැවත සැකකරුවෙකු ලෙස නම් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ඊයේ (19) මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හැව්ලොක් නිවාස සංකීර්ණයේ සිටි ආරක්ෂක නිලධාරීන් කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම පිළිබඳ නඩුවෙන් පසුගිය වර්ෂයේ ජුලි මස 29 වනදා දුමින්ද දිසානායක මහතා මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගිනිඅවිය පිළිබඳව සිදුකළ පසු විමර්ශන වාර්තාවලට අනුව දුමින්ද දිසානායක මහතා සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.