බලශක්ති ආර්ථික සංවර්ධනයට ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්‍රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමේ හි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇති බව සඳහන්.
මේ අනුව ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වශයෙන් බලශක්ති ආර්ථිකය හඳුනාගෙන ලැබ තිබුණ ද ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා අද (24) කැබිනට් මණ්ඩල රැස්වීමට එක්වෙමින් සඳහන් කළේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 වර්ෂයේ අයවැය මඟින් අවධාරණය කළ බවයි.
මේ අනුව ජාතික ප්‍රතිපත්ති උපාය මාර්ග සහ ප්‍රතිඵල ලබාදීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු ව විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
එම විශේෂඥ කමිටුව පහතින්,
ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා - සභාපති
දුමින්ද හුලංගමුව මහතා
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන මහතා
ඩී.ජේ රාජකරුණා මහතා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල මහතා
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්
බලශක්ති අමාත්‍යාංශය ලේකම්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්