ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සඳහන් කරන්නේ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ බවයි.
පවතින තත්ත්වය සම්බන්ධව ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එම සටහනෙන් පෙන්වා දී තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ අදාළ සාකච්ඡාව ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ බවයි.