ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ උද්ගතව අතු යුදමය තත්තවය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්.
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දින නිකුත් කර තිබෙනවා.