විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් මෙතෙක් විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබුණු ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) සිට පොදු ජනතාව වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘතකර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරි එක්ව මෙම තීරණය ගෙන ඇති බවයි.
ජපන් රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේ ඉදි කරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඇඳන් 1000ක ධාරිතාවයකින් ආරම්භ වුණා.
එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක්කර තිබුණා.