යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටුවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජික තිලීපන් නමැත්තාගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
තිලීපන් නැමැත්තා වෙනුවෙන් සංවිධානය කර තිබූ සමරු උත්සවයක් ඊයේ (26) දිනයේදී පැවැත්වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික ජනතා පදනමේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා චෝදනා කරන්නේ, පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ, පාවහන් පිටින් පරිශ්‍රයට ඇතුළු වී අදාළ පිළිරුව බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.