ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු 5 දෙනාට ඇප

PranaNews.lk

මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළා.

අධිකරණය නියෝග කළේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටයි.

එමෙන්ම, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

චීන ජාතික පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.