ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් පාසල් සිසුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, නිල ඇඳුමට අමතරව අත් සහ පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව සියලු පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී නිල උපදෙස් ද නිකුත් කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීම පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලෙස අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.