කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

PranaNews.lk

කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් වාර්තා වී තිබෙනවා.

විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩව වැඩ වර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයුක්ත කිරීමේ ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ඊයේ (09) සවස 3ට ආරම්භ වූ අතර එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කරන්නේ සිය ඉල්ලීම් සඳහා විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තීව්‍ර කරන බවයි.