ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් නැහැ - ජාතික ගමනාගමන කොමිෂන් සභාව

PranaNews.lk

ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ ඊයේ (09) මධ්‍යම රාත්‍රී සිට ඩීසල් මිල ඉහළ ගියද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදු නොවන බවයි.

මේ අනුව පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කරනවා.

ඊයේ (09) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.