ලංවිම අද සිට අහෝසි වෙයි - නව සාමාගම් 6 අද සිට බලාත්මකයි

PranaNews.lk

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමෙන් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වනවා.

ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ මේ දක්වා පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් වීම සමඟයි.

මේ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වනු ඇති.

ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය ආයතනික ඒකකයක් ලෙස නිත්‍යානුකූලවම මේ සමඟම අහෝසි වීමද මේ සමඟම සිදුවනවා.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමඟ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙනවා.

ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ද පසුගියදා බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කළා.

මේ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් පසු මෙම සමාගම් 6 පැවරෙනු ඇති.

විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම් මෙලෙස ආරම්භ වනවා නව සමාගම් අතරට අයත් වනවා.

මෙම සමාගම් 6 අතුරින් සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යධිකාරීවරුන් පත් කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යධිකාරීවරුන් පත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.