විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර සිදුකළ රැකියාවන් හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසා ඇත්තේ වැටුප් වර්ධක සහ උසස් වීම් සමඟ එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති බවයි.
මෙලෙස කටයුතු කළහොත් තමන්ට මුල් රැකියාවන් හි විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකි වන බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.
වෙනත් රැකියාවන් අතහැර මන්ත්‍රීවරුන් බවට පත්වුණු මෙම පිරිස අතර බහුතරයක් ගුරුවරු විදුහල්පතිවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු ඇති බව සඳහන්.
මේ අතර විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්ව විද්‍යාලයන්හි තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මහපොළ ශිෂ්‍යධාර මුදල ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් මෙලෙස ඉල්ලීමක් සිදුකර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාර මුදල් මෙතෙක් නොලැබුණු පසුබිමකයි.
පෙන්ෂන් නැති වුණු මන්ත්‍රීවරුන් රජයේ රැකියා ඉල්ලයි
PranaNews.lk