ඇමති විජිත නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක

PranaNews.lk

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මේ අනුව ඔහු මැයි 26 සිට ජුනි 3 දක්වා එම රටවල් සංචාරයක නිරත වන බවයි.

මෙම සංචාරයේ දී අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.