ඩොලරයේ විකුණුම් මිලේ සුළු වෙනසක්

PranaNews.lk

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේද පහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව දෛනික විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.67ක් සහ විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙස වාර්තා වී ඇත.

ඊයේ (21) දිනයේ දී 2023 මාර්තු 2 වනදායින් පසු වාර්තා වූ ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් ලෙස රුපියල් 342.63ක ගැනුම් මිලක් සහ රුපියල් 354.03ක විකුණුම් මිලක් සටහන්ව තිබුණා.

මේ අනුව අනුව අද (22) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව - රු. 340.75 - රු. 349.75

මහජන බැංකුව - රු. 343.95 - රු. 354.24

සම්පත් බැංකුව - රු. 343.50 - රු. 352.50

කොමර්ෂල් බැංකුව - රු. 343.09 - රු. 354.25    

HNB - රු. 344.50 - රු. 353.00

සෙලාන් බැංකුව - රු. 342.75 - රු. 354.7