සුව ලැබූ ඉරාන නාවිකයන් 22 දෙනා කොග්ගල ගුවන් හමුදා කඳවුරට

PranaNews.lk

ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයන් 22 දෙනා කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබෙනවා.

පසුගිය මාර්තු 4 වනදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදා ගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔවුන් ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට කටයුතු කළා.