බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලය හමුවට

PranaNews.lk

බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමනය කොමිෂන් සභාව පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම සමඟ ලංකා සුදු ඩීසල් මිල ගණන් මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සුත්‍රයට ගැලපු විට මේ වන විට පවතින බස් ගාස්තුවට වඩා වැඩි අගයකින් බලපා ඇති බවයි.

මේ අනුව නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළ බවද එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා.

මේ අනුව අද (23) දිනයේ දී මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට ද නියමිතව තිබෙනවා.