එයාර් බස් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

PranaNews.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වනවා.