මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මෙම මස අවසානයේ වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
අප්‍රේල් සිට ජුනි දක්වා වන කාල සීමාවට අදාළව 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් භාර දෙනු ලැබුවා.
මේ සම්බන්ධ මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගැනුණා.
එහි තෙවන දිනය ලෙස අද (13) දින මාතලේ දිස්ත්‍රික්කයේ සිදු කෙරෙනු ඇති.