සාගර කාරියවසම් අත්අඩංගුවට

PranaNews.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අප්‍රසාදයට පත්වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව වාර්තා වනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.