ඉන්ධන QR කේතය ගැන ආණ්ඩුව තීන්දුවක් ගනී

PranaNews.lk

ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජන අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී කියා සිටියේ ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින් දැක්වේ.

මෝටර් රථය -  ලීටර් 25 ක්

ත්‍රීරෝද රථ - ලීටර් 20ක්

වෑන් රථ - ලීටර් 50ක්

යතුරුපැදි - ලීටර් 8ක්

බස් රථ - ලීටර් 100

ඉඩම් වාහනය - ලීටර් 40ක්

ලොරි රථ - ලීටර් 200ක්

විශේෂ කාර්ය වාහනය - ලීටර් 40ක්