බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධව සැකකරුවෙක් සේරුනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.