ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරමින් ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා IOC සමාගම පවසනවා.
එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ කේ. රගු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
"ලංකා IOC සමාගමයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ අපි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව. රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව අපි සහතික කරනවා.
පවතින තත්ත්වය ඉතා යහපත් කියලා මම කියන්නේ නෑ. නමුත් රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලංකා IOC ආයතනය සහ රජය තම උපරිමය ඉටු කරමින් සිටිනවා.
අපි රටේ ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව ඉන්ධන සපයනවා"