ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

PranaNews.lk

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඔවුන් අද අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

මේ අතර, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ද ඇතුළත් කර තිබුණා.