කොස්ගොඩදී වෙඩි තැබීමේ උත්සාහයක් වැළකෙයි - පොලිස් විමර්ශන ඇරඹේ

PranaNews.lk

කොස්ගොඩ ප්‍රදේශයේ දී අද (06) අලුයම වෙඩි තැබීමේ උත්සාහයක් සිදුව තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස්ගොඩ තාරක' නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.